Home උණුසුම් පුවත් අදත් 2න් පස්සේ වැස්සක්

අදත් 2න් පස්සේ වැස්සක්

අදත් 2න් පස්සේ වැස්සක්
Transparent umbrella under rain against water drops splash background. Rainy weather concept.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(28) සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

නැගෙනහිර පළාතේත්, දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here