තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලමට

    රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලමට

    2023 රාජ්‍ය වෙසක් උත්සවය ලබන 04 සහ 05 දෙදින පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව බෞද්ධ කටයුතු ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රි රතනශිලි පිරිවෙන් විහාරයේස්ථායේ දි රාජ්‍ය උත්සවය පැවැත්වෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

    ඊට සමගාමීව ලබන 02 වැනිදා සිට 08 වන දා දක්වා වෙසක් සතියක් ක්‍රියාත්මක වන බවද හෙතෙම පැවසීය.

    එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ සරල බව හා චාම් බව පෙරදැරි කරගනිමින් යථාර්ථවත් හා අර්ථවත් ලෙසින් මෙවර වෙසක් උත්සවය සැමරිය යුතු බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img