fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අති නවීන බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට

    අති නවීන බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට

    දිනකට බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි අතිනවීන පිරිපහදු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකායේ ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් (Qi Zhenhong) මහතා සඳහන් කරයි.

    චීන ආයෝජනයක් වශයෙන් එම පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කළ පසු මෙරට ඉන්ධන බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවන බව ද තානාපතිවරයා කීවේය.

    මහනුවරට පැමිණි චීන තානාපතිවරයා අද (27) පස්වරුවේ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් හා මල්වතු මහ විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් හමුවේ මේ බව සඳහන් කළහ.

    ශ්‍රී ලංකාවේ ස්ථාපිත බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ ස්ථාපිත එකක් බවත් නවීන තාක්ෂණයෙන් යුත් පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඉන්ධන පිරවුම්හල් 150ක් මෙරට විවෘත කිරීමට බලාපොරොත්තුවන බව ද තානාපතිවරයා කීවේය.

    චීනය විසින් ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 120ත් 140ත් අතර ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවත් එමගින් මෙරට තරුණයන් සඳහා රැකියා අවස්ථා විවෘත වන බව ද ශ්‍රී ලංකාවේ චීන තානාපති චී පෙන්හොන්ග් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.