Home උණුසුම් පුවත් චීන – යුක්රේන ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන – යුක්රේන ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන – යුක්රේන ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්

 
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, යුක්රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි මහතා සමඟ දුරකථනයෙන් සාකච්ඡාවක් පවත්වයි.

ඇරයුමක් අනුව එම සංවාදය අද (26) පවත්වනු ලැබීය.  චීන-යුක්රේන සබඳතාව සහ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් නායක දෙපළ මෙහිදී අදහස් හුවමාරු කර තිබේ.

චීන-යුක්රේන සබඳතා වර්ධනය කිරීමට චීනයේ කැමැත්ත ස්ථාවර මෙන්ම පැහැදිලි බවත්, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද දෙරට අතර අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතා ඉදිරියට පවත්වා ගැනීම චීනයේ අපේක්ෂාව බවත් ෂී ජින් පිං මහතා එම සාකච්ඡාවේ දී පැවසීය.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ගත් කල, වගකීම් සහගත දැවැන්ත රටක් ලෙස චීනය සැමවිටම සාමයේ නියැලී සිටී. එහි මූලික ස්ථාවරය වන්නේ සාමය සහ සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමයි.

අදාළ විවිධ පාර්ශ්ව සමග සංවාද පවත්වා යුරෝපයේ දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය සඳහා මාර්ගයක් සෙවීමට අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා කියාසිටියේය. චීනය යුක්රේනයට මානුෂීය ආධාර තොග රැසක් ලබා දී ඇති අතර ඉදිරියේ දීත් හැකි තරම් ආධාර සැපයීමට සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

චීනය ලබාගෙන ඇති සුවිශේෂ ජයග්‍රහණ අගය කළ ව්ලැද්මීර් සෙලෙන්ස්කි මහතා,  ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ චීනය විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණ දී, අඛණ්ඩව සංවර්ධනය වනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසීය. එකම චීනය යන ප්‍රතිපත්තිය අනුගමනය කරන යුක්රේනය චීනය සමඟ අංගසම්පූර්ණ සහයෝගිතා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

මානුෂීය ආධාර ලබාදීම වෙනුවෙන් චීනයට ස්තුතිය පළ කළ යුක්රේන ජනාධිපතිවරයා, තම රටේ සාමය යථා තත්ත්වයට පත්කිරීමටත්, රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අර්බුදය විසඳීමටත් චීනය ඉටුකරමින් සිටින වැදගත් කාර්යභාරය විශේෂ පැසසුමට ලක්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here