තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශවේන්ද්‍ර ගැන විමල්ගේ සැකයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිළිතුරක්

    ශවේන්ද්‍ර ගැන විමල්ගේ සැකයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිළිතුරක්

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය පැහැදිලි කිරිමක් කර තිබේ.

    එම නිවේදනයට අනුව දකුණු ඉන්දීය සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කරන ලද ආරක්‍ෂක සම්මේලනයක් වන කොළඹ ආරක්‍ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක රැස්වීම 2022 ජූලි මස 07 දින ඉන්දියාවේ දී පවත්වා තිබේ.

    ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිවරයාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය යටතේ ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම ආරක්‍ෂක සමුළුව සඳහා සහභාගී වූ බව ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

    එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් විය.

    “අද දින (අප්‍රේල් 26) විකාශය වූ හිරු පත්තරේ විස්තරේ වැඩසටහනේදී මාධ්‍යවේදී වමුදිත සමරවික්‍රම, පා.ම. ගරු විමල් වීරවංශ විසින් රචිත ‘නවය; සැඟවුනු කතා’ කෘතිය එළි දැක්වීමේ උත්සවයේදී විමල් වීරවංශ විසින් කරන ලද කථාවෙන් උපුටා ගනිමින් කියා සිටියේ, 2022 මැයි 09 වන දින ප්‍රථම සැලසුම ලෙස අරගලය සිදුකල බලවේග සිදුකිරීමට සැරසුනේ එවකට සිටි විධායක ජනාධිපති ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් ජනාධිපති මන්දිරය තුල ඝාතනයට ලක්කිරීමට බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවේදී ඉන්දියානු සංචාරයකට සහභාගී වී සිටි බවත් එය සැකසහිත කටයුත්තක් බවත්ය.

    ඒ අනුව, ඉහත කරන ලද ප්‍රකාශය පදනම් විරහිත බවත්, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොළඹ ආරක්‍ෂක සමුළුවට සහභාගී වීම සඳහා 2022 ජූලි මාසයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ලද්දේ ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ බවත්, ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටී.” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img