නවක ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක අද (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අයර්ලන්තයට එරෙහිව සිය මංගල ශතකය වාර්තා කළේය.
සිය නායක දිමුත් කරුණාරත්න සමඟ පිටියට පිවිසි නිශාන්, දිමුත් කරුණාරත්නගේ ශතකය (115) වාර්තා වී මද වේලාවක් ගිය පසු 6 පහරකින්ම සිය මංගල ශතකයවාර්තා කළේය.
අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනට ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිමට එක් කඩුල්ලක් දැවී මේ වනවිට ලකුණු 228ක් ලබා සිටියි. දිවා ආහාරයට තරගය නැවැත්විමට නියමිතව තිබිය දි අපරික්ෂාකාරි පහරකට යොමු වූ දිමුත් කරුණාරත්න අගනා ලකුණු 115 ලබා සිටිය දි දැවි ගියේය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් අයර්ලන්තය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුණු 492ක් ලබා ගත්තේය. පෝල් ස්ටිලිංග් (103), කූටිස් කැම්පියර් (111) එම ඉනිමට ශතක වාර්තා කළ අතර නායක ඇන්ඩි බැල්බ්‍රීන් ලකුණු 95 ලබා සිටියදි දැවී ගියේය.
ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත ඉනිමේ කඩුලු 5ක් දවා ලූ අතර, එම කඩුලු 5 සමඟ ඔහු මේ වනවිට සිය ටෙස්ට් දිවියේ කඩුලු 48ක් ලබා සිටියි. මෙම තරගයේ දි දෙවැනි ඉනිම ක්‍රිඩා කිරීමේ අවස්ථාව අයර්ලන්තයට ලැබි ඔහු තවත් කඩුලු 2ක් ලබාගත හොත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 50 අඩුම තරග හා ඉනිම සංඛ්‍යාවකදී ලබාගත් ක්‍රීඩකයා විමට ප්‍රභාත් ජයසූරියට අවස්ථාව තිබේ.
තෙවැනි දිනයේ දිවා ආහාරයට තරගය නතර කරනවිට අයර්ලන්තය 492
ශ්‍රි ලංකාව 228/1 යි.