තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැඩි රස්නය කෙමෙන් අඩුවෙයි

    දැඩි රස්නය කෙමෙන් අඩුවෙයි

    මේ දිනවල පවතින අධික උණුසුම් තත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

    මැයි මාසයේ 20වැනි දිනෙන් පසුව නිරිත දිග මෝසම සක්‍රීය වනවිට මෙම තත්වය පහව යනු ඇති බවත් හෙතෙම කියයි.

    ඒ මහතා මේ බව පැවසුවේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

    ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික විපර්යාසය හේතුවෙන් මෙම තත්වයන් ඇතිවන බව පෙන්වා දුන් ඒ මහතා මේ වනවිට වායුගෝලයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බැවින් වායුගෝලයේ තාප ශක්තිය නිදහස් කිරීම අවහිර වීමෙන් උණුසුම් තත්වය පවතින බවත් පෙන්වා දුන්නේය.

    වර්ෂාව ලැබීමත් සමග මෙම ජලවාෂ්ප ක්‍රමයෙන් අඩුවන බැවින් උණුසුම් තත්වය පහව යනු ඇති බවත් හෙතෙම පැවසීය.

    මෙම තත්වය පහව යන තුරු ලාපැහැ ඇඳුම් අඳින ලෙසත් අධික මහන්සියෙන් යුතු වැඩවල නිරත නොවන ලෙසත් වැඩිපුර ජලය පානය කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    එසේම උදෑසන 11 සිට සවස 4 දක්වා කාලසීමාව තුළ කුඩා දරුවන් සහ වයස අවුරුදු 50ට වැඩි පිරිස් එළිමහනේ ගැවසීමෙන් වළකින ලෙසත් පැණිබීම වර්ග පානය නොකරන ලෙසත් ඒ මහතා අවධාරණය කළේය.

    මේ දිනවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බැවින් ඉදිරියේදී මෙම අධික උණුසුම් තත්වය පහව යනු ඇති බවද හෙතෙම පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img