තවත්
    මුල් පිටුවකාළගුණයතද සුළං හා අකුණු ගැන සැළකිලිමත් වෙන්න

    තද සුළං හා අකුණු ගැන සැළකිලිමත් වෙන්න

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
    මධ්‍යම, සබරගමුව, ඌව බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් අද(26) මිලිලීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් අනතුරු සිදුවිය හැකි බවත් එම අනතුරු අවම කර ගැනීමට අවබෝධයෙන් කටයුතු කරන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 
    www.meteo.gov.lk සහ 117 වැඩිදුරටත් තොරතුරු ලබා ලබාගත හැකිය.
    
    

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img