Home උණුසුම් පුවත් පොලීසියට පැන වාහන ගිනි තැබූ තරුණයෙක් අත්අඩංගුවට

පොලීසියට පැන වාහන ගිනි තැබූ තරුණයෙක් අත්අඩංගුවට

0
පොලීසියට පැන වාහන ගිනි තැබූ තරුණයෙක් අත්අඩංගුවට

සැකපිට යැයි කියා හැම තිස්සේම අත්අඩංගුවට ගැනීම නිසා පොලීසිය සමඟ වෛරයෙන් සිටි තරුණයෙක් තිරුක්කෝවිල් පොලීසියට පැන ජිප් රථයක් ඇතුළු වාහන රැසකට ගිනි තබා ඇත.

මෙම ගිනි තැබීම සිදුවී තිබුණේ පසුගිය මාර්තු 19 වෙනිදාය. මෙදින අලුයම් කාලයේ පොලිස් ගරාජයේ තිබුණු ජිප් රථයත් ත්‍රිරෝද රථ දෙකකටත් ගිනි තැබීමෙන් හානි සිදුව තිබුණි.

පොලීසිය මේ ගැන සිතුවේ ජිප් රථයේ කාර්මික දෝෂයකින් ගිනි ගැනීම සිදුව ඇති බවය.

මෙම ගිනි තැබීම ඔහු විසින් සිදුකර ඇත්තේ අලුයම් කාලයේදී පොලීසියේ කම්බි වැටෙන් රිංගා පැමිණි පෙට්‍රල් දමාය.

මෙම සිදුවීමෙන් සිව් දිනකට පසු තිරුක්කෝවිල් හී පිහිටි තෙමහල් රෙදිපිළි වෙළද සංකීර්ණයක් ද ගිනි ගැනීමට ලක්ව විනාශ වී ඇත. ඒ ගැන විමර්ශන පවත්වා එම ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට පොලීසිය තිරුක්කෝවිල් හී පදිංචි 21 හැවිරිදි තරුණයාව ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.

එම රෙදිපිලි වෙළද සැලේ සේවයකර ඇති අයෙක් වන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පොලිස් ජිප් රථයට ගිනි තැබීම ද සිදුකර ඇත්තේ මෙම සැකකරු බව හෙළිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here