තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බලපත් නොමැතිව තල්ගසක් කැපුවායැයි අල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙකුට වැඩ වරදින ලකුණු

    බලපත් නොමැතිව තල්ගසක් කැපුවායැයි අල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙකුට වැඩ වරදින ලකුණු

    බලපත්‍ර නොමැතිව තල් ගසක් කැපීමේ වරදට අත්අඩංගුවට නොගෙන සිටීමට රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගත් සේරුනුවර පොලීසියේ සේවයේ නිරත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ත්‍රිකුණාමල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මූතූර් හී කඩට්කරයිචේන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක් විසින් ත්‍රිකුණාමලය කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භකර ඇත.

    පැමිණිලිකරු කුලී කම්කරුවෙක් බවත් පොලීසිය ඔහු සොයා පැමිණ රුපියල් 15,000ක මුදල බලෙන් ලබාගත් බව ඔහු පවසන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එසේ බලහත්කාරයෙන් එම පුද්ගලයාගෙන් මෙම සැරයන්වරු දෙදෙනා මුදල් ලබාගෙන ඇත්තේ පසුගිය 21 වෙනිදාය.

    මේ සම්බන්ධයෙන් එම පුද්ගලයා කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හමුවට ගොස් මේ ගැන පැමිණිල්කර ඇත්තේ පෙරේදා ඊයේ (24) ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img