Home උණුසුම් පුවත් උ.පෙළ ප්‍රශ්න පත්‍ර 10ක අගැයීම ඇරඹෙයි -සාපෙළ විභාගෙට සියල්ල ලෑස්තියි

උ.පෙළ ප්‍රශ්න පත්‍ර 10ක අගැයීම ඇරඹෙයි -සාපෙළ විභාගෙට සියල්ල ලෑස්තියි

උ.පෙළ ප්‍රශ්න පත්‍ර 10ක අගැයීම ඇරඹෙයි -සාපෙළ විභාගෙට සියල්ල ලෑස්තියි

ලබන මැයි මස 29 වනදා ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සුදානම් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

දින 10 කදී සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙන බව ද අමාත්‍යවරයා කීය.

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ කල්වේලා ඇතිව දැනුම්දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඔහු මේ බව කියාසිටියේ අද (25) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ප්‍රශ්න පත්‍ර 10ක ආචාර්යවරු ඊයේ (24) දිනයේ එම කටයුතු ආරම්භ කළ බව ද ඔහු කීය.

“මම එක පැත්තකින් ස්තූතිවන්ත වෙනවා FUTA එකට. ඒ අය මාත් එක්ක නිරන්තර සංවාදයෙන් හිටියේ. පෙරේදා එවපු ලිපියට පිළිතුරු මම ඊයේ යැව්වා. ඒ අය සාධනීය ලෙස ඒක ගැන බලාවි. අද වෙද්දි ඒ ප්‍රශ්නය විසඳෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඊයේ පේපර් 10ක චීෆ්ලා ඇවිල්ලා ඒ කටයුතු ආරම්භ කළා.”

විභාග දෙපාර්තමේන්තුව විසින් උත්තර පත්‍ර ඇගයීම සඳහා මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩිකරන්න කටයුතු කරගෙන යන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවට ගතවෙන කාලය අඩුකරගැනීමට එමගින් අපේක්ෂිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here