කොළඹ ප්‍රදෙශ කිහිපයකට සිදුවූ විදුලි බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
කොළඹ 04, 05 සහ 07 යන ප්‍රදේශවලට විදුලි සැපයුම මෙලෙස යථාතත්වයට පත්කර ඇතැයි අමාත්‍ය විජේසේකර සඳහන් කළේය.
කොලොන්නාව 132 KV උපපොළේ කේබල් පිපිරීමක් සහ බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 4, 5, 7, 8, 10, 12 සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රදේශ කිහිපයක අද හදිසි විදුලිය ඇනහිටීමක් පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) දැනුම් දී තිබුණි.