Home උණුසුම් පුවත් වැඩට ඇවිත් දවසයි- නීතිඥවරියගේ ගේ ශුද්ධ කළ මෙහෙකාරිය අල්ලයි

වැඩට ඇවිත් දවසයි- නීතිඥවරියගේ ගේ ශුද්ධ කළ මෙහෙකාරිය අල්ලයි

0
වැඩට ඇවිත් දවසයි- නීතිඥවරියගේ ගේ ශුද්ධ  කළ මෙහෙකාරිය අල්ලයි

රාගම පදිංචිව සිටින නීතීඥවරියකගේ නිවසකින් රුපියල් ලක්ෂ 30ක් වටිනා රන් භාණ්ඩ සහ දියමන්ති කිහිපයක් ඇතුළු දේපොල රැසක් සොරාගෙන පළාගොස් සිටි එම නිවසේ මෙහෙකාරියව මහබාගේ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

25 හැවිරිදි මෙම සැකකාරිය දෙනියාව දියදාව වත්තේ පදිංචිකාරියකි. ඇයව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්මෝදර ප්‍රදේශයේදීය.

නීතිඥවරිය විසින් පලකල පුවත්පත් දැන්වීමකට අනුව ඇගේ නිවසේ සේවයට පසුගිය 11 වෙනිදා උදෑසන පැමිණි මෙම මෙහෙකාරය සවස නිවසින් පළාගොස් ඇත්තේ රන් භාණ්ඩ සහ දියමන්ති සොරාගෙනය.

මෙම සොරකම සිදුවන විට නීතීඥවරිය අධිකරණයට ගොස් සිට ඇති අතර නිවසේ සිට ඇත්තේ වයෝවෘද්ධ මව පමණි.

මෙම සොරකම ගැන නීතීඥවරිය විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරාගත් රන් භාණ්ඩත් දියමන්තිත් සමඟිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here