Home උණුසුම් පුවත් ඇන්ටනා වයරය දියේ ආ තිදරු පියාගේ මාරයා

ඇන්ටනා වයරය දියේ ආ තිදරු පියාගේ මාරයා

0
ඇන්ටනා වයරය දියේ ආ තිදරු පියාගේ මාරයා

රූපවාහිනී ඇන්ටනාව සවිකිරීමට යාමේදී ඇන්ටනා වයරය වොට් 33,000ක අධිබලැති විදුලි රැහැනක හැටීමෙන් සිදුවූ විදුලි සැර වැදීමකින් තිදරු පියෙක් මියගොස් ඇත.

කන්දකැටිය පොලිස් වසමේ මීගහකිවුල ප්‍රදේශයේ දී ඊයේ සවස මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබේ.

මියගොස් ඇත්තේ ඩී.එම්.එස්. සුගතදාස (56) නැමැති වඩු කාර්මිකයෙකි.

සිය නිවස පිටුපස ඇති දෙල්හේ ඇන්ටනාව සවිකිරීම සඳහා ඇන්ටනාවද රැගෙන දෙල්ගසට නැගි මෙම පුද්ගලයා දෙල් ගසේ සිට නිවසේ වහලට ඇන්ටනා වයරය විසි කිරීමේදී එම වයරය අධිබලැති විදුලි රැහැනේ පැටලී ඇති බව පොලීසිය කියයි. එහිදී ඇන්ටනා වයරය දියේ විදුලිය ගමන්කරමින් ගසේ සිටි පුද්ගලයාට විදුලි සැර වැදී මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here