Home උණුසුම් පුවත් මීනගයා ප්‍රමාදකරමින් කෝච්ච් පාරේ යතුරු පැදියක්

මීනගයා ප්‍රමාදකරමින් කෝච්ච් පාරේ යතුරු පැදියක්

0
මීනගයා ප්‍රමාදකරමින් කෝච්ච් පාරේ යතුරු පැදියක්

වන්දාරමුල්ල හා දේවපුරම් යන දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට යතුරු පැදියක් දමා ගිනි තැබූ සැකකරුවෙකු එරාවුර් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වන්දාරමුල්ල මායිම් පාරේ පදිංචිකරුවෙක් වන 26 හැවිරිදි මෙම සැකකරු විසින් යතුරුපැදිය ගිනි තබා ඇත්තේ පසුගිය 21 වෙනිදා රාත්‍රී කාලයේදීය.

මෙම ගිනි තැබීම හේතුවෙන් මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු මීනගයා දුම්රිය විනාඩි 10ක් පමණ කාලයක් එම ස්ථානයේ නතරකර තබා ගැනීමට සිදුව ඇති බව එරාවුර් පොලීසිය සඳහන් කළේය.

දෙපාර්ශවයක් අතර පැවති ආරවුලක් පදනම්කරගෙන මෙම යතුරුපැදිය ගිනි තබා ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මේ සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here