Home උණුසුම් පුවත් වැඩිම කොරියානු රැකියා කෝටාව මේ වසරේ

වැඩිම කොරියානු රැකියා කෝටාව මේ වසරේ

වැඩිම කොරියානු රැකියා කෝටාව මේ වසරේ

මෙරට ඉතිහාසයේ වැඩිම කොරියානු රැකියා කෝටාව මේ වසරේදී ලබාගැනීමට හැකියාව ලැබී ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව කොරියානු රැකියා 6500 ක කෝටාවක් ලැබී ඇත.

සතියකට 200 කට ආසන්න ශ්‍රමිකයින් පිරිසක් රැකියා සදහා පිටත්ව යන බව ද අමාත්‍යවරයා කියයි.

ඊයේ දිනයේදී ධීවර අංශයේ රැකියා සදහා 109 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටත්ව ‍ගොස් තිබේ.

තවත් ශ්‍රමිකයින් 65 දෙනෙකු හෙට දිනයේදීත්, තවත් ශ්‍රමිකයින් 28 දෙනෙකු අනිද්දා දිනයේදීත් කොරියාව බලාපිටත්ව යාමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here