
මෙරට මුහුදු සීමාවේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත්වීමෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබාගැනීමේ කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අද (24) සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමට නියමිතය.
මෙම නෞකාව කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනිගැනීමට ලක්වුණේ 2021 වසරේ මැයි 20 වනදායි.
නෞකාව ගිනිගන්නා අවස්ථාවේදී ඒ තුළ රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් 1,486 ක් තිබුණි. ගිනි ගන්නා අවස්ථාවේ දී ඉන් බහාලුම් විශාල ප්‍රමාණයක් මුහුදුබත් විය.
මෙම නෞකාවට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් තවත් ඉතිරිව ඇත්තේ දින 45ක කාලයක් පමණක් බව පසුගිය අප්‍රේල් 4 වනදා පැවති පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ආනාවරණ විය.
එමගින් මෙරට මුහුදු සම්පතට හා වෙරළට සිදුවූ හානි පූර්ණය ගණනය කර ඩොලර් බිලියන 6.2 ක වන්දි මුදලක් ලබාගැනීමට අදාළ වාර්තාව සමුද්‍රිය පරිසර අධිකාරි වෙත පසුගිය සතියේ යොමුකර තිබූ බව වාර්තා වේ.