තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් ප්‍රවාහන සේවා ගාස්තු අඩු කිරීමත් කොට උඩ

    පාසල් ප්‍රවාහන සේවා ගාස්තු අඩු කිරීමත් කොට උඩ

    පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා අය කරන ගාස්තු ලබන 01 වැනිදා සිට අඩු කිරීමටට නොහැකි බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

    වෙනත් පාසල් ප්‍රවාහන සේවා සංගමයක් ගාස්තු අඩු කිරීමක් සිදු කිරීමට තීරණය කළ ද, තම සංගමයට ගාස්තු අඩු කිරීමක් සිදු කළ නොහැකි බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසා ඇත.

    ඩිසල් මිල අඩු වීමක් සිදු වුවත් සෙසු වියදම් අඩු නොවීම ඊට හේතුව බව එම සංගමය කියාසිටී.

    සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ඊයේ නිවේදනය කළේ පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පවතින මිලට සාපේක්ෂව 5%ත් 8%ත් අතර අගයකින් පහත දමන බවයි.

    එය ‍කළ නොහැකි බව පවසමින් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය අද ප්‍රකාශයක් කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් අදාළ සංගම් අතර මත ගැටුමක් හටගෙන තිබේ.

    පසුගියදා ඉන්ධන මිල පහත දැමීමට කටයුතු කිරීමත් සමග ලබන 01 වැනිදා සිට පාසල් ප්‍රවාහන සේවාවල මිල පහත දැමිය යුතු බවට එක් සංගමයක් මෙලෙස තීරණය කර තිබුණි.

    සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 80කින් පහත දැමූ අතර සෙසු ඉන්ධනවල මිල ගණන් ද සැළකිය යුතු ප්‍රමාණවලින් පහත දැමීමට රජය පසුගියදා පියවර ගෙන තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img