Home උණුසුම් පුවත් අවුරුදු උත්සවයේදී දරුවකු මියයයි

අවුරුදු උත්සවයේදී දරුවකු මියයයි

0
අවුරුදු උත්සවයේදී දරුවකු මියයයි

ගල්කිරියාගම පලාගල තුඩාහෙට්ටිගම පැවති අලුත් අවුරුදු උත්සවයේ මැරතන් ධාවන තරගයේදී තරගකරුවන්ගේ සහයට මාර්ගයේ දිව යමින් සිටි කුඩා දරුවෙකු ඇද වැටීමෙන් මියගොස් ඇත.

අද උදෑසන මෙම මරණය සිදුව ඇත්තේ දරුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුවය.

බිම ඇද වැටුණු 10 හැවිරිදි දරුවා කලාවැව ග්‍රාමීය රෝහලට මුලින්ම ඇතුලත්කර ඇති අතර පසුව අනුරාධපුර රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පලාගල පදිංචි දරුවෙක් බව පොලීසිය කියයි.

මෙම දරුවාගේ සහෝදරයින් සහ හිතවතුන් ගම හරහා තරගයට සහභාගිවී ඇති බැවින් ඒ අයට සහය දෙමින් ඔහු මාර්ගයේ දිවගොස් ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here