
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පක්ෂය විසින් එහි නව සභාපතිවරයා ලෙස හිමිනමක් පත්කර තිබේ.
අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස පූජ්‍ය, මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කරනු ලැබ ඇත.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා වෙනුවට ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාර්තු මාසයේදී පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් එම ධූරයෙන් නෙරපා හරින ලදී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සභාපති ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටුව ඒකමතික තීරණයක් ගත් බව ය.