
අනුනායක ස්වාමීන්වහන්සේ නමකගේ ආරක්ෂාවට යොදවා සිටි ප්රධාන ආරක්ෂක පොලිස් නිලධාරියෙකු බීමතින් යතුරුපැදියක් ධාවනයකර අනතුරක් කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වැඩ තහනම්කර ඇත.
මෙසේ වැඩතහනම්කර ඇත්තේ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටින පොලිස් සැරයන්වරයෙකුගේය.
මෙම සැරයන්වරයා පසුගිය 20 වෙනිදා සිය පුද්ගලික යතුරුපැදියෙන් කටුගස්තොට දෙස සිට මාතලේ දෙසට යතුරුපැදිය ධාවනයකරමින් ගමන්කරන අවස්ථාවේදී අකුරණ ප්රදේශයේදී පදික මාරුව හරහා ගමන් කළ කාන්තාවක් යතුරුපැදියේ ගැටී ඇති බව පොලීසිය කියයි.
මෙම රිය අනතුර සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී නිලධාරියා බීමතින් සිටින බවත් රියදුරු බලපත්ර පවා නොමැති බවත් තහවුරු වී ඇත. ඒ අනුව මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ඇමති ආරක්ෂක අංශයේ පරිපාලන සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ පියවර ගෙන තිබේ.