Home උණුසුම් පුවත් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩොමිනික් රාබ් අද දින තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අසු බවට නිවේදනය කළේය.

රාබි විසින් මෙලෙස ඉල්ලා අස්වීමට මූලික හේතුව වූයේ ඔහු විසින් සය සඟයින් හට හිරිහැර කළ බවට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් කළ විර්ශන වලින් ඒ බව සනාත වීමෙන් අනතුවරයි.

තනතුරින් ඉල්ලා අස්වන විට රාබ් විසින් බ්‍රිතාන්‍යයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කරමින් සිටි අතර එම තනතුරින්ද ඔහු ඉල්ලා අසවී තිබේ. නියෝජ්‍ය අග්‍රමාත්‍යවරයා විසින් සිය නිල ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් තම ඉල්ලා අසවීම නිවේදනය කර තිබිණි.

“මගේ සගයින්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මම පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර, යම්කිසි හිරිහැරයක් සිදුවී ඇත්නම්, මම ඉල්ලා අස්වන බවට මම ප්‍රකාශ කළා ඒ අනුව මම පොරොන්දු වුනු විදිහට ඉල්ලා අස්වෙනවා ,” රාබ් සිය ලිපියේ සඳහන් කර තිබිණි.

මෙම ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරු ලිපියක් මගින් බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂි සුනක් කියා සිටියේ තමන් රාබ්ගේ ඉල්ලා අස්වීම ඉතා කණගාටුවෙන් පිළිගත් නමුත් අමාත්‍යවරුන් ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීම වැදගත් බවයි.

මේවන විට බ්‍රිතාන්‍ය තුල අර්බුදකාරී දේශපාලන තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර පසුගිය කාලය තුලදී අග්‍රාමාත්‍යධුරය වැඩි කාලයක් ගත කිරීමට බොහොදෙනෙකුට නොහැකි බීම ඊට කදිම නිදසුනකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here