Home උණුසුම් පුවත් මිලියන 65ක වංචාවකට රාජ්‍ය බැංකුවක හිටපු විධායක නිලධාරියෙක් අත්අඩංගුවට

මිලියන 65ක වංචාවකට රාජ්‍ය බැංකුවක හිටපු විධායක නිලධාරියෙක් අත්අඩංගුවට

0
මිලියන 65ක වංචාවකට රාජ්‍ය බැංකුවක හිටපු විධායක නිලධාරියෙක් අත්අඩංගුවට

රාජ්‍ය බැංකුවක පුද්ගලික බැංකු ශාඛාවේ ඇති ගිණුමකින් රුපියල් මිලියන 65ක මුදලක් වංචා සහගතව ලබාගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව එම බැංකු ශාඛාවේ හිටපු විධායක නිලධාරියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 38ක් වන මෙම බැංකු නිලධාරියා මහර කඩවත පදිංචිකරුවෙකි.

අන් අයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ හැදුණුම්පතක් ඉදිරිපත්කළ පුද්ගලයෙකුට මෙම මුදල නිකුත් කිරීමෙන් මෙම වංචාවට මෙම බැංකු නිලධාරියා සම්බන්ධව ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ සාපරාධි විශ්වාසය කඩකිරීම, සාවද්‍ය පරිහරණය හා මෙම වංචාවට ආධාර හා අනුබලදීම යන චෝදනා සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here