මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්කරනු ලබන්නේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුවත්ත පාර ඉහළ කොට්ටාරමුල්ලේ පදිංචිකරුවෙක් වන 37 වියැති වර්ණකුලසූරිය නිලංග මනෝජ් ප්‍රනාන්දු නැමැති අයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවය.
හලාවත කොටාරම්මුල්ලේදී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 19 වෙනිදාය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස මෙම පුද්ගලයා පෙනී සිටිමින් පසුගිය 18 වෙනිදා අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් දී අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය සිදුකර තිබේ.
මෙම පුද්ගලයා මෙයට පෙරද මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් පොලිස් නිලධාරීන්ටද බලපෑම් කර ඇති බවට විමර්ශන නිලධාරීන් විසින් සැකරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
මෙම සැකකරුව ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගනිමින් සමථයක් සඳහා සූදානම් බව අධිකරණයට දැනුම්දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. එහිදී කරුණු සලකා බලා රුපියල් ලක්ෂයක ශාරී ර ඇපමත ඔහුව මුදාහැර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර යි.