තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යතුරුපැදි අනතුරින් ස්පාඤ්ඤ ජාතිකයාට දිවි අහිමි වෙයි

    යතුරුපැදි අනතුරින් ස්පාඤ්ඤ ජාතිකයාට දිවි අහිමි වෙයි

    මෙරට සංචාරයක් සඳහා පැමිණි ස්පාඤ්ඤ ජාතිකයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සිදුවූ අනතුරකින් ඊයේ මියගොස් ඇත.

    මාතර – කොළඹ ප්‍රධාන මාර්ගයේ අහංගම නගරයේදී මෙම අනතුර සිදුව ඇත්තේ විදේශිකයා පැදවූ යතුරු පැදිය මාර්ගයේ කොන්ක්‍රීට් කණුවක ගැටීමෙනි.

    තිස් හැවිරිදි මෙම ස්පාඤ්ඤ ජාතිකයා නවාතැන් ගෙන සිට ඇත්තේ අහංගම පිහිටි හෝටලයකය. අනතුර සිදුවීමෙන් පසු ඔහුව රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img