තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශිෂ්‍යත්වයෙන් අලුත් පාසලක් තෝරන අභියාචනා අයදුම්පත මාර්ගගත ක්‍රමයට

    ශිෂ්‍යත්වයෙන් අලුත් පාසලක් තෝරන අභියාචනා අයදුම්පත මාර්ගගත ක්‍රමයට

    දෙදහස් විසි දෙක (2022) පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව එම අභියාචනා මාර්ගගත ව යොමු කිරිම සඳහා 2023.04.20 දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා කාලය ලබා දී තිබේ.

    https://g6application.moe.gov.lk/#/ වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ය. එහි දී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනයwww.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img