අලවතුගොඩ පිහිටි ඡායාරූප ශාලාවක් තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ ජාවාරමක් හෙළිකරගත් අලවතුගොඩ පොලීසිය ඡායාරූප ශාලාවේ හිමිකරු සහ ඔහුලේ මිතුරෙක් බව කියන ව්‍යාපාරිකයෙකු ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 නොට්ටු 43ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අලවතුගොඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මුලින්ම අලවතුගොඩ මාතලේ පාරේ පදිංචි 41 හැවිරිදි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ 5000 නෝට්ටුවක් සමගිනි. ඒ ඊයේ දහවල් කාලයේදීය.
මෙම ව්‍යාපාරිකයාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරතුරු මත සැකකරුගේ ගෙවත්තේ පිහිටි වැසිකිලි වලේ සඟවා තිබී තවත් 5000 ව්‍යාජ නෝට්ටු 40ක් පොලීසිය සොයාගෙන ඇත.
මෙම නෝට්ටු මුද්‍රණයකර ඇත්තේ මෙම ව්‍යාපාරිකයාගේ මිතුරෙක් වන 36 හැවිරිදි ඡායාරූප ශාලා හිමිකරුවෙකු බව ද මෙහිදී පොලීසිය තොරතුරු හෙළිකරගෙන තිබේ. අනතුරුව පොලීසිය එම ඡායාරූප ශාලාව පරීක්ෂාකර ඇත. එහිදී එම ඡායාරූප ශාලා හිමිකරු සතුව තිබි තවත් 5000 ව්‍යාජ නෝට්ටු 02ක් සොයාගෙන තිබේ.
මෙම ව්‍යාජ මුදල් නොට්ටු ජාවාරම ගැන ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මෙම නෝට්ටු මුද්‍රණයකර ඇත්තේ ඡායාරූප ශාලවේදී එහි ඇති පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර මගින් බවය. ඒ අනුව එම උපකරණද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.