Home උණුසුම් පුවත් සිව්මහල් රථගාලක් කඩා වැටෙයි – අයෙක් මරුට

සිව්මහල් රථගාලක් කඩා වැටෙයි – අයෙක් මරුට

සිව්මහල් රථගාලක් කඩා වැටෙයි – අයෙක් මරුට

අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ මහල් හතරකින් යුත් රථගාලක් කඩා වැටී එක් සේවකයෙකු මිය ගොස් පස් දෙනෙකුට තුවාල ලබා තිබේ.

කොන්ක්‍රීට් තට්ටු එකිනෙක මතට වැටීමෙන් මෝටර් රථවලට දැඩි හානි සිදුවී ඇතැයි එරට වාර්තා පවසයි.

පහළ මෑන්හැටන් හි පේස් විශ්වවිද්‍යාලය සහ කොටස් වෙළෙඳපොළ ආශ්‍රිතව අස්ථායී ව්‍යුහයක් පැවතීම හේතුවෙන් එතැනින් ඉවත් වන ලෙස ගිනි නිවන භටයින් දැනුම් දෙන ලදී.

ඉන්පසුව ගලවා ගැනීමේ කණ්ඩායම් රොබෝ උපකරණ භාවිතා කරමින් මෙහෙයුම්වල නිරත වී ඇත.

පේස් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ජේඩ්ස් ස්පෙලර් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙම කඩා වැටීම “භූමිකම්පාවක් මෙන් දැනුණු” බවයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here