Home උණුසුම් පුවත් අද වැඩිම උණුසුම පොළොන්නරුවෙන් – මේ රස්නය තවත් මාසයක්

අද වැඩිම උණුසුම පොළොන්නරුවෙන් – මේ රස්නය තවත් මාසයක්

අද වැඩිම උණුසුම පොළොන්නරුවෙන් – මේ රස්නය තවත් මාසයක්

අද(18) දිනයේදී වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 36.1 පොළොන්නරුවෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ මීළඟට වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ පිළිවෙළින් වව්නියාව (35.8 °C) යාපනය (35.6 °C),මහඉලුප්පල්ලම (35.2 °C), මොනරාගල (35.1 °C), කුරුණෑගල (35.1 °C) යන ප්‍රදේශවලට ය.

අද දිනයේ (18) දිවා කාලයේ වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් පහත දැක්වේ.

මේ අතර අධික උණුසුම් කාලගුණය මැයි මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා ස්ථාපිත වූ සුළං රටාවක් මේ දිනවල නොමැති බැවින් සිරුරට දැනෙන උණුසුම වැඩිවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශිරෝමනී ජයවර්ධන මහත්මිය පැවසුවාය.

මෝසම් සුළං රට හරහා හොදින් ස්ථාපිත වූ පසු දැඩි උණුසුම් තත්ත්වය ක්‍රමයෙන් අඩු වනු ඇති බව ඇය සඳහන් කරන්නීය.

සාමාන්‍යයෙන් මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස තුන මෙරටට දැඩි උණුසුම් මාස තුනක් බව කී ජයවර්ධන මහත්මිය ශ්‍රී ලංකාව අන්තර් මෝසම් පරිච්ජේදයක සිටින නිසා පරිසර උෂ්ණත්වයට වඩා ශරීර උෂ්ණවය වැඩි බව සඳහන් කළාය.

ඒ හේතුවෙන් සුළගේ වේගය විශාල වශයෙන් අඩුවීමෙන් පරිසරය තුළ ජල වාෂ්ප රැදී තිබෙන බව ද ඇය සඳහන් කළාය.

ඒ හේතුවෙන් ශරීරයෙන් නිකුත් වන වාෂ්ප දහනය නොවීමෙන් ශරීරයට දැනෙන උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ.

පරිසර උෂ්ණවය මේ දිනවල සාමාන්‍යයෙන් අංශක 33 ත් 36 ත් අතර පැවතිය ද ශරීරයට ඊට වඩා වැඩි උෂ්ණත්වයක් දැණෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමනී ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here