තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුදන් වූ වෙන්නප්පුවේ දරුවන් තිදෙනා අම්බලන්ගොඩින් මතුවේ

    අතුරුදන් වූ වෙන්නප්පුවේ දරුවන් තිදෙනා අම්බලන්ගොඩින් මතුවේ

    අලුත් අවුරුදු දා සිට අතුරුදන්ව සිටින වයස අවුරුදු 15ක් සහ 14ක් වන දරුවන් තිදෙනා අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ එක් දරුවෙකුගේ පියෙකුගේ නිවසක රැදී සිටියදී අද සොයාගත් බව වෙන්නප්පුව පොලීසිය සඳහන් කළේය.

    දුම්මලදෙනියෙන් මෙම දරුවන් තිදෙනා බස් රථයකට ගොඩවී කොළඹට පැමිණ එහි සිට අම්බලන්ගොඩ බලා පැමිණ ඇති බව පොලීසිය කියයි.

    අතුරුදන්වූ දරුවන් අතර 15 හැවිරිදි දරුවන් දෙදෙනෙක්ද 14 හැවිරිදි එක් දරුවෙක්ද සිටියේය. දරුවන් හමුවී ඇත්තේ 14 හැවිරිදි දරුවාගේ පියාගේ නිවසේ රැදී සිටියදීය.

    එම දරුවාගේ මව වෙනත් විවාහයක්කරගෙන වෙන්නප්පුවේ කොහු මෝලක සේවයේ නිරතව සිටින බවත් පියා අම්බලන්ගොඩ පදිංචින සිටින බවත් පොලීසිය කියයි.

    සෙසු දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකුගේ මව මාස 08කට පෙර පිළිකාවකින් මියගොස් ඇති බවත් පියා පෙදරේරුවෙක් ලෙස රැකියාවක නිරතව සිටින බවත් පොලීසිය කියයි.

    අනිත් දරුවාගේ පියා ඔත්පල වී සිටින බව පොලීසිය කියයි. මව වෙනත් පුද්ගලයෙකු සමඟ ගොස් ඇති බවත් දරුවා හැදී වැඩෙන්නේ මිත්තනියගේ රැකවරණය මත බවත් පොලීසිය කියයි.

    පසුගිය 13 වෙනිදා මෙම දරුවන් තිදෙනා සංගීත සංදර්ශනයක් නැරඹිමට ගොස් නැවත නිවසට පැමිණීමේදී ප්‍රමාද වීම නිසා පියා ඔත්පලව සිටින දරුවාට මිත්තනිය විසින් කළ තරවටුකිරීමක් හේතුවෙන් එම දරුවා නිවසින් පළායාමට තීරණයකර ඇති බව ද පොලීසිය කියයි. ඊට සෙසු මිතුරන් දෙදෙනාද එක්වෙමින් අම්බලන්ගොඩ ගොස් ඇති බව පොලීසිය කියයි.

    මෙම දරුවන් තිදෙනාව අද සවස් වන විට වෙන්නප්පුව පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img