Home උණුසුම් පුවත් ලංකාව අයර්ලන්තය ඉනිමකින් පරදවයි

ලංකාව අයර්ලන්තය ඉනිමකින් පරදවයි

ලංකාව අයර්ලන්තය ඉනිමකින් පරදවයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 280ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සවස සමත් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 591ක් ලබා ගත්තේය. තවත් කඩුලු හතරක් අතැතිව තිබියදී අයර්ලන්ත කණ්ඩායමට පන්දුවට පහරදීම භාර කළ ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ ඔවුන්ට සාර්ථක විමට ඉඩ ලබා නොදුන්නේය.

ඒ අනුව අයර්ලන්ත පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 143කට සිමා විය. ඒ අනුව දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි අයර්ලන්ත ක්‍රීඩකයෝ අද සවස ලකුණු 168කට දැවී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 179ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 140ක්, දිනේෂ් චන්දිමාල් සහ සධීර සමරවික්‍රම නොදැවී පිළිවෙලින් ලකුණු 102ක් සහ ලකුණු 104ක් ලබා ගත්හ. පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය පළමු ඉනිමේ දි ලකුණු 52කට කඩුලු 7ක් දවාලීය. ඔහු දෙවැනි ඉනිමේ දී ද ලකුණු 56කට කඩුලු 3ක් දවා ගනිමින් මෙම තරගයේ කඩුලු 10ක් ලබා ගැනීම විශේෂත්වයකි.

රමේෂ් මෙන්ඩිස් පළමු ඉනිමේ එක් කඩුල්ලක් හා දෙවැනි ඉනිමේ දි ලකුණු 76කට කඩුළු 4ක් දවාලීය. ඔහු ටෙස්ට් කඩුලු 50ක් ලබාගත් වේගවත්ම ශ්‍රි ලාංකික ක්‍රිඩකයාට හිමි වාර්තාව මෙම තරගයේ දි සම කළේය. මෙම වාර්තාව මිට පෙර දිල්රුවන් පෙරේරා සතුවිය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස ඉදිරියට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here