Home උණුසුම් පුවත් අවුරුදු සමයට වැඩිකළ ඉන්ධන කෝටාව තවදුරටත්

අවුරුදු සමයට වැඩිකළ ඉන්ධන කෝටාව තවදුරටත්

අවුරුදු සමයට වැඩිකළ ඉන්ධන කෝටාව තවදුරටත්

උත්සව සමය නිමිත්තෙන් ඉහළ දැමූ ඉන්ධන කෝටාව මෙම සතිය පුරාවටත් ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

අද (18) දිනයේදී QR කේත ක්‍රමය යටතේ පසුගියදා පැනවූ ඉන්ධන කෝටාව ඒවායේ මුල් ප්‍රමාණයට සංශෝධනය කිරීමට මුලින් සැලසුම් කර තිබුණද, වැඩි කළ ඉන්ධන කෝටාව සංශෝධනය කිරීමට රජය තීරණයක් ගෙන නොමැත.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසා ඇත්තේ සංශෝධිත ඉන්ධන කෝටාව මෙම සතියේදීත් ක්‍රියාත්මක වන බව ය.

ඒ අනුව,
ත්‍රිරෝද රථ සඳහා වන කෝටාව ලීටර් 5 සිට ලීටර් 8 දක්වාත්,
යතුරුපැදි ලීටර් 4 සිට ලීටර් 7 දක්වාත්,
බස් රථ ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත්, මෝටර් රථ සඳහා වන කෝටාවලීටර් 20 සිට 30 දක්වාත්,

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 04 වන දින සංශෝධනය කරන ලදී.

ගොඩබිම් වාහන ලීටර් 15 සිට ලීටර් 25 දක්වා,
ලොරි ලීටර් 50 සිට ලීටර් 75 දක්වා,
චක්‍ර හතරේ වාහන ලීටර් 4 සිට ලීටර් 6 දක්වා,
විශේෂ කාර්ය වාහන ලීටර් 20 සිට ලීටර් 30 දක්වා,
වෑන් ලීටර් 20 සිට 30 දක්වා,

වැඩි කළ කෝටාව එලෙසම පවත්වාගෙන යාමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here