Home උණුසුම් පුවත් ප්‍රංශ තරුණියට අමුතු සම්බාහනයක් කළ තරුණයෙක් අත්අඩංගුවට

ප්‍රංශ තරුණියට අමුතු සම්බාහනයක් කළ තරුණයෙක් අත්අඩංගුවට

0
ප්‍රංශ තරුණියට අමුතු සම්බාහනයක් කළ තරුණයෙක් අත්අඩංගුවට

සම්බහනයක්කර ගැනීමට ගිය ප්‍රංශ තරුණියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් එම සම්බහන ආයතනයේ සේවකයෙකු තොඩුවාව පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අතවරයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි ප්‍රංශ තරුණියකි. මෙම තරුණිය සිය මව සහ පියා සමඟ මෙරටට පැමිණ මාරවිල පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇත.

මෙම සංචාරකයන් තිදෙනා ඊයේ මෙම සම්බහන ආයතනයට පැමිණ ඇත්තේ සම්බහනයක් කර ගැනීමටය. මුලින්ම සම්බහනයට ඉදිරිපත්වී ඇත්තේ ප්‍රංශ තරුණියයි. සම්බහනය කරන අතර තුර සම්බහනයේ නිරතව සිටි තරුණයා ඇගේ රහස් ස්ථාන ස්පර්ශ කරමින් අතවර කර ඇති බව ඇය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි දැක්වේ.

ඒ අනුව එම තරුණයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. පසුව විමර්ශන වලින් හෙළිවී ඇත්තේ එම සම්බහන මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට බලපත්‍ර නොමැති බවය. ඒ අනුව එහි හිමිකරුවද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here