Home උණුසුම් පුවත් QR කේතයට තෙල් ගන්න අය එකපාරට වැඩිවෙලා

QR කේතයට තෙල් ගන්න අය එකපාරට වැඩිවෙලා

QR කේතයට තෙල් ගන්න අය එකපාරට වැඩිවෙලා

QR කේතය නොතකා ඉන්ධන බෙදාහැරි ඉන්ධන පිරවුම්හල් 66ක ඉන්ධන නිකුතුව තාවකාලිකව අත්හිටුවීමත් සමඟ QR කේතය මගින් ඉන්ධන ලබා ගැනීම 20%කින් ඉහළ ගොස් ඇතැයි බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අද(13) පැවසීය.

ඉකුත් සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ QR කේතය මගින් ඉන්ධන් ලබාදීම මෙසේ සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව හෙතම පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 66ක ඉන්ධන අලෙවිය තාවකාලිකව අත්හිටුවීමෙන් පසු 60%ක පමණ තිබු QR කේතය මගින් ඉන්ධන අලෙවිය 80%කට වඩා ඉහළ වර්ධනයක් ලබා ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම වර්ධනය කර ඇත.

ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4,650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක් ටොන් 5,500ක් නිකුත් කර බෙදාහරිනු ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here