
ත්‍රස්ත මර් දන සහ විමර් ශන කොට්ඨාශයට අනුයුක්තව ත්‍රිකුණාමලය උප ඒකකයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුව ත්‍රස්ත මර් දන සහ විමර් ශන කොට්ඨාශන මූලස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ඔහු විසින් පුද්ගලයෙකු බිය ගන්වා රුපියල් 10,000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් ගැන කළ විමර් ශනයකින් අනතුරුවය.
ත්‍රස්ත මර් දන හා විමර් ශන කොට්ඨාශයට යම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් පෙත්සමක් ලැබී තිබී ඇත්තේ ඔහු ත්‍රස්තවාදියෙක් බවටය. ඒ ගැන කරුණු සොයා බලන්නැයි දැනුම් දී තිබී ඇත්තේ ත්‍රිකුණාමලය උප ඒකකයේ නිලධාරීන්ටය.
උප ඒකකයේ සේවය කරන කොස්තාපල්වරයෙකු කර ඇත්තේ අදාල පුද්ගලයාව බිය ගන්වා තර්ජනයකරමින් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගැනීමය. මේ ගැන ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරකට අනුව එහි බුද්ධි අංශය විසින් කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුව සැකකාර කොස්තාපල්වරයාව අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. ඒ අවස්ථාවේදීම එම සැකකාර කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමටද පොලීසිය පියවර ගෙන ඇත.
සැකකරුව ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකර තිබේ.