
ඌරණියේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ මුදල් පසුම්බියක් සොරා ගත් සැකකරුවන් තිදෙනෙක් මෙම සොරකමෙන් මාස 02කට පසු අත්අඩංගුවට ගැනීමට පොතුවිල් පොලීසිය ඊයේ සමත්ව ඇත.
මුදල් පසුමිබිය තුළ රුපියල් 65,000ක මුදලක් සහ ක්‍රෙඩිඩ්කාඩ් දෙකක් ඇතුළු දේපොල රැසක් තිබී ඇතැයි පොලීසිය කියයි.
හෝටලය තුළදී මෙම සොරකම සිදුව තිබී ඇති අතර මාස දෙකක් තිස්සේ ඒ ගැන විිමර්ශන පවත්වා සැකකරුවන් තිදෙනාව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරුවන් තිදෙනාම ධිවර කාර්මිකයින් බව පොලීසිය කියයි.