සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් හෙට (13) සහ අනිද්දා (14) දෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.
එසේ වුවත් නේවාසික සංචාරකයන්ගේ පහසුව උදෙසා සුරා බදු රබි 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් හෝටල් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී ඇත.
තවද, මෙම අලුත් අවුරුදු උත්සව කාලසීමාව තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් ග්‍රහණය කිරීමට සහ මත්පැන් විකිණිමේ බලපත්‍රලත් ස්ථාන අධීක්ෂණය කිරීමේ රාජකාරි සඳහා 1200 කින් සමන්විත සුරාබදු නිලධාරීන් යොදවා තිබේ.
සහකාර සුරාබදු කොමසාරිස් කොට්ඨාශ 13 කින්ද, සුරාබදු අධිකාරි කොට්ඨාශ 31 කින් සහ දිවයින පුරා ව්‍යාප්තව පවතින සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක 05 කින් සහ සුරාබදු ස්ථාන 57 ක් යටතේ මෙම වැටලීම් ක්‍රියාත්මක ය.
මෙම කාලසීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇත.