තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාවික හමුදා වෙඩි තැබීමේ ජාතික ශූරතාව දිනූ පාසල් ක්‍රීඩකයන් ඇගයේ

    නාවික හමුදා වෙඩි තැබීමේ ජාතික ශූරතාව දිනූ පාසල් ක්‍රීඩකයන් ඇගයේ

    නාවික හමුදා 07 වන වෙඩි තැබීමේ ජාතික ශූරතාව දිනූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සුබ පැතුම් එක් කෙරේ.

    ශ්‍රී ලංකා නාවික හමුදාව 07 වන වරට සංවිධාන කළ වෙඩි තැබීමේ ජාතික ශූරතාවලිය පසුගිය මාර්තු 28 සිට අප්‍රේල් 04 දක්වා වැලිසර නාවික හමුදා වෙඩිපිටියේදී පැවැත්විණ.

    එහිදී ජාතික ජයග්‍රහණ හිමිකරගත් පාසල් කිහිපයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය 10 වනදා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ හමුවිය.

    වෙඩි තැබීමේ පුහුණුකරු නන්දන වීරසිංහ මහතා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී ඉල්ලා සිටියේ මව්බිමට ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමේ සිය ඒකායන අරමුණ සඳහා මහඟු රුකුලක් වන ජාත්‍යන්තර ප්‍රමිතියේ ඉලක්කපත් සහිත “මීටර් 10 වායු අවි වෙඩි පිටියක්” නිර්මාණය කරදෙන ලෙසයි.

    ශාරීරික යෝග්‍යතාව අනුව සහ පවතින පරිසාධන මට්ටම් අනුව ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීමේ ඉහළ හැකියාවක් ඇති ක්‍රීඩාවක් ලෙස නිසැකවම වෙඩි තැබීමේ ක්‍රීඩාව හැදින්විය හැකි බව ප්‍රමිත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

    එසේම මෙම ජයග්‍රහණ දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කරන බවත්, අදාල අංශ සමඟ සාකච්ඡා කර ජාත්‍යන්තර වෙඩි පිටියක් නිර්මාණය කිරීම සඳහා ඉතාම කඩිනමින් පෞද්ගලිකව මැදිහත් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාව සඳහා පුහුණුකරු නන්දන වීරසිංහ මහතා සහ ඒ මහතා යටතේ පුහුණුවීම් සිදු කරන මීටර් 10 වායු පිස්තෝල ඉසව්වේ කාන්තා අංශයේ කණිෂ්ඨ හා විවෘත දෙඅංශයේම ශූරතාව දිනූ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නෙහාෂා වීරසිංහ, මීටර් 10 වායු රයිෆල් ඉසව්වේ පිරිමි අංශයේ යොවුන් ශූරතාව හා විවෘත අංශයේ තෙවන ස්ථානය දිනූ කොළඹ නාලන්දා විද්‍යාලයේ රන්ධීර් සේනාරත්න, මීටර 10 වායු රයිෆල් තරුණ අංශයේ තෙවන ස්ථානය දිනු නාලන්දා විද්‍යාලයේ පවිත් රොද්‍රිගෝ, මීටර 10 වායු රයිෆල් කණිෂ්ඨ අංශය ප්‍රථම ස්ථානය දිනු ආනන්ද විද්‍යාලයේ M.M.අභිලාෂ් ඉන්දිස, 2022 කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ විසාඛා විද්‍යාලයේ U.K.D. තිසංගි ගීත්මා, නාලන්දා විද්‍යාලයේ රවීන් එම්. ප්‍රේමරත්න, 2022 වසරේ මීටර 10 වායු රයිෆල වෙඩි තැබීමේ තරුණ අංශයේ දෙවන ස්ථානය ලබා ගත් සහ තරුණ සංචිතයට තේරී පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ W.H.A.J.ධනාරා වීරසිංහ, මීටර 10 වායු පිස්තෝල කණිෂ්ඨ අංශය තෙවන ස්ථානය දිනු ඩී.එස් සේනානායක විද්‍යාලයේ මොවිදු ශ්‍යාමන්ත විජේනායක යන සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img