Home උණුසුම් පුවත් චීනය සහ ප්‍රංශය අතර ඒකාබද්ධ ප්‍රකාශයක් යළිත්

චීනය සහ ප්‍රංශය අතර ඒකාබද්ධ ප්‍රකාශයක් යළිත්

චීනය සහ ප්‍රංශය අතර ඒකාබද්ධ ප්‍රකාශයක් යළිත්

චීනය සහ ප්‍රංශය අතර ඒකාබද්ධ ප්‍රකාශයක් යළිත් වරක් නිකුත් කෙරේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමක් අනුව, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා අප්‍රේල් 5 සිට 7 දක්වා චීනයේ නිල සංචාරයක නිරත විය.

2018 ජනවාරි 9, 2019 මාර්තු 25 සහ 2019 නොවැම්බර් 6 යන දිනවල ප්‍රකාශයට පත් වූ  ඒකාබද්ධ ප්‍රකාශ මත පදනම්ව, නව අපේක්ෂා පෙරදැරි කරගනිමින් චීන-ප්‍රංශ සහයෝගිතාව සඳහා නව ජවයක් සැපයීමට රාජ්‍ය නායක දෙපළ තීරණය කළ බව නව ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වෙයි.

දේශපාලන සංවාදය ශක්තිමත් කිරීම, අන්‍යොන්‍ය දේශපාලන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම, ලෝක ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඒකාබද්ධව තහවුරු කිරීම, ආර්ථික හුවමාරු පුළුල් කිරීම, මානව හා සංස්කෘතික හුවමාරුව නැවත ආරම්භ කිරීම සහ ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණදීම යන ක්ෂේත්‍ර පහ තුළ දෙරට සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි එම ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් ය.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතාගේ චීනයේ නිල සංචාරයට සමගාමීව, චීන-ප්‍රංශ ව්‍යවසායක කමිටුවේ 5 වැනි සැසිය පැවැත්විණ.

එහිදී දෙරට ව්‍යවසායන් 36 ක් නිෂ්පාදන කර්මාන්ත, නව බලශක්ති සහ නවෝත්පාදන යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ගිවිසුම් 18 ක් අත්සන් තබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here