Home උණුසුම් පුවත් හිතුමතේට මාරුකරන්න එපා – SDIGලා පොලිස්පතිගෙන් ඉල්ලයි

හිතුමතේට මාරුකරන්න එපා – SDIGලා පොලිස්පතිගෙන් ඉල්ලයි

0
හිතුමතේට මාරුකරන්න එපා – SDIGලා පොලිස්පතිගෙන් ඉල්ලයි

දේශපාලන හා විවිධ පුද්ගල අරමුණු වෙනුවෙන් පොලිස්පතිට පසු පොලීසියේ ඇති ඉහළම තනතුර වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ස්ථානමාරු නොකරන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් සූදානම් වන බව පොලිස් අභ්‍යන්තර තොරතුරු අනාවරණය කළේය.

එම නිලධාරීන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටීමට සූදානම් වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස්කර ඒ අනුව සෑම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුටම සාධාරණයක් ඉටුවන ලෙස ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙසය.

මෙම ඉල්ලීම කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සූදානම් වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු රැසක් හිටි හැටියේම සේවා අවශ්‍යතා මත යැයි කියා ස්ථානමාරුකිරීමට පිඹුරුපත් සකස්වෙමින් ඇති පසුබිමකය. එම නිලධාරීන් අතර පොලිස්පතිධූරයට සුදුසු බවට පසුගිය දිනවල පොලිස් නිලධාරින් අතරින් මතුවූ නිලධාරීන් කිහිප දෙනෙකුම සිටීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here