Home උණුසුම් පුවත් මහනුවර හෝටල් සංගීතයේ ගැටුමක් – පොලිස් නිලධාරියෙකුටත් තුවාල

මහනුවර හෝටල් සංගීතයේ ගැටුමක් – පොලිස් නිලධාරියෙකුටත් තුවාල

0
මහනුවර හෝටල් සංගීතයේ ගැටුමක් – පොලිස් නිලධාරියෙකුටත් තුවාල

මහනුවර ගැටඹේ පිහිටි හෝටලයක ඊයේ (09) රාත්‍රී කාලයේ පැවති සංගීත සංදර්ශනයක් අතර තුර දෙපාර්ශවයක් අතර පැවති ගැටුමක් සමථයකට පත්කිරීමට ගිය පොලිස් නිලධාරියෙක් බිම ඇද වැටීමකින් තුවාල ලබා ඇත.

ඩබ්ලිව්.එම්. ආර්. වනිගසේකර යන කොස්තාපල්වරයා මෙසේ තුවාල ලබා ඇතැයි මහනුවර පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

තුවාල ලැබූ මෙම කොස්තාපල්වරයා පේරාදෙණිය රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ඇතුලත්කර ඇත.

මෙම ගැටුමේදී කිහිප දෙනෙක් තුවාල ලබා ඇතත් ඒ සම්බන්ධයෙන් පොලීසියට කිසිවක් වාර්තා වී නැති බවද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here