බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ කොස්තාපල්වරයෙකු මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමක නිරතව සිටින බවට තොරතුරු හෙළිකරගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට අනුයුක්තව මිරිහාන උප ඒකකයේ සේවයේ නිරතව සිටි චන්දිම සමීර වික්‍රමනායක නැමැති පොලිස් කොස්තාපල්වරයාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහාන පොලිස් භූමියේදී ඔහුව අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම බුද්ධි නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝට්ටේ සිරිකොත ආසන්නයේ ඇති හෝටලයක රථ ගාලේද අයිස් සමඟ අත්අඩංගුවටගත් පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මතය.
කොළඹ 05 තිඹිරිගස්යාය පාර ජාතික මහල් නිවාස වල පදිංචිකරුවෙක් වන ඔහු රණවක ආරච්චිගේ පවර මණ්ඩුල රණවක නැමැති අයෙකි.
පොලිස් කොස්තාපල්වරයා වැලිගම මිදිගම පදිංචිකරුවෙකි. ඔහු හරක් කටා නැමැති මත්කුඩු ජාවාරම්කරුවාගේ අසල්වැසියෙක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
විශේෂ කාර්ය බලකායේ බුුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයැවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ.රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පිටකෝට්ටේ දී සැකකරු අත්ඩංගුවට මෝටර් රථයකින් අසල හෝටලයකට පැමිණි පවර මණ්ඩල රණවක නැමැති සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 64ක් සමගිනි.
අනතුරුව ඔහු පදිංචි මහල් නිවාස සංකීර්ණයේ නිවස පරීක්ෂාකර ඇත. එහිදී ඔහුගේ නිදන කාමරයේ තිබී අයිස් ග්‍රෑම් 10ක්ද හමුවී තිබේ.
ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ තමාට අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන්නේ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියාගේ සම්බන්ධීකරණයෙන් වැලිගම පදිංචි පුද්ගලයෙකුගෙන් බවය.
වැලිගම පදිංචි එම පුද්ගලයා සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.