තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙම්වතාට මාංචු දමා පෙම්වතියට අතවර කළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

    පෙම්වතාට මාංචු දමා පෙම්වතියට අතවර කළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

    සමනලවැව වේල්ලේ සිරි නැරඹිමට සිය පෙම්වතා සමඟ පැමිණි තරුණියකව බියගන්වා කැලෑබද ප්‍රදේශයකට ඇදගෙන ගොස් නිරුවත්කර ඇයට අතවර කළ පොලිස් කොස්තාපල්වරයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

    යතුරු පැදියකින් පැමිණි මෙම කොස්තාපල්වරයා පෙම්වතාගේ එක් අතකට මාංචු දමා මාංචුවේ අනිත් කොටස යතුරු පැදියේ සිරකර පෙම්වතිය කැළෑවට ඇදගෙන ගොස් ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් සමනලවැව පොලීසියට යම් පුද්ගලයෙක් විසින් ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව පොලීසිය වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට යන විට පොලිස් නිලධාරියා ඇයව නිරුවත්කර සිරුර අතගාමින් සිට ඇති බව උසස් පොලිස් නිලදාරියෙක් සඳහන් කළේය.

    හම්බෙගමුව පොලිසියට අනුයුක්තව සේවයේ නිරත මෙම පොලිස් කොස්තාපල්වරයා වේලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු 38 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    පුරුද්දක් ලෙස මෙම නිලධාරියා මෙසේ තරුණ පෙම්වතුන් බිය ගන්වා පෙම්වතියන්ට අතවරකර ඒවා වීඩියෝගත කරන බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    මෙම කොස්තාපල්වරයා සමනලවැවට පැමිණ ඇත්තේද හම්බෙගමුව පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින අතරතුරදී බවද පෙනී ගොස් ඇත.

    මෙම නිලධාරියා විසින් අතවර කර ඇත්තේ 18 හැවිරිදි තරුණියකට බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img