තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බාලවයස්කාරියන් දෙදෙනෙකු දූෂණය කළ 40ක් සොයා විමර්ශන

    බාලවයස්කාරියන් දෙදෙනෙකු දූෂණය කළ 40ක් සොයා විමර්ශන

    මාතර පාසල් දෙකක අධ්‍යාපනය ලබන අවුරුදු 16ක් සහ 15ක් වයසැති සිසුවියන් දෙදෙනෙකුව දූෂණය කළ පුද්ගලයින් 40කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    දැනටමත් 07 දෙදනෙක් අත්අඩංගුවටගෙන ඇති අතර ඒ අය අතර මාතර පිහිටි ලැගුම්හල් දෙකක කළමානාකරුවන් දෙදෙනෙක්ද සිටිති.

    වැලිගම ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු එක්ව මෙම සිසුවියන් දෙදෙනාව ගණිකාවන් ලෙස විවිධ පුද්ගලයින්ට අලෙවි කරමින් ඔවුන්ව දූෂණයකර ඇති බව පොලීසිය කියයි. එම තරුණයින් දෙදෙනා මේ වන විට ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවත් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමටද විමර්ශන පැවැත්වෙන බවත් උසස් පොලිස් නිලධාරිනියක් පැවසුවාය.

    මුහුණු පොත හරහා 16 හැවිරිදි සිසුවිය තරුණයෙකු සමඟ සම්බන්ධකමක් ගොඩනගාගෙන ඇති බවත්ඇයව දූෂණය කරමින් ගණිකාවක් බවට පත්කර ඇත්තේ ඔහු බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත. පසුව ඔහු තවත් අයෙක් සමඟ ඇයව විවිධ පුද්ගලයින්ට අලෙවිකර ඇති බව පොලීසිය කියයි. පසුව 16 හැවිරිදි සිසුවිය 15 හැවිරිදි සිසුවියව මෙම කටයුත්තට යොමුකරගෙන ඇති බව පොලීසිය කියයි. 16 හැවිරිදි සිසුවියගේ ජංගම දුරකථනයේ ඇය සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින්ගේ දුරකථන අංක ගබඩා වී ඇතිබව සඳහන්ය. ඇයව දූෂණය කළ පුද්ගලයින් හදුනාගනිමින් ඇත්තේ එකී දුරකථන අංක ඔස්සේය. ඇය පොලිස් භාරයේ සිටියදී පවා ඇය සමඟ සම්බන්ධ වීමට විිවිධ පුද්ගලයින්ගෙන් ජංගම දුරකථනයට ඇමතුම් රැසක් ලැබී තිබීම විශේෂිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img