ගම්පොල පිහිටි තේ කර්මාන්ත ශාලාවක කාර්යාල කාමරය බිඳ එහි මේස ලාංචුවක දමා තිබුණු රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් සොරා ගෙන ගොස් තිබේ.
කර්මාන්ත ශාලවේ සේවකයන්ට අත්තිකාරම් ගෙවීමට රැගෙනවිත් තිබුණු මුදලක් මෙසේ සොරාගෙන ගොස් ඇති බව ගම්පොල පොලීසිය සඳහන් කරයි.
මෙම සොරකම සිදුව ඇත්තේ ඊයේ (08) අලුයම් කාලයේදීය.