Home උණුසුම් පුවත් දෙරටක් කැළඹූ පහරදීමට හේතුවූ දේශපාලනඥයාගේ ගෝලයින් අත්අඩංගුවට

දෙරටක් කැළඹූ පහරදීමට හේතුවූ දේශපාලනඥයාගේ ගෝලයින් අත්අඩංගුවට

0
දෙරටක් කැළඹූ පහරදීමට හේතුවූ දේශපාලනඥයාගේ ගෝලයින් අත්අඩංගුවට

කටාන කෝපිවත්තේ පිහිටි ඕමාන් ජාතිකයෙකුට අයත් ඇඟළුම් කම්හලකට කඩාවැදී එහි හිමිකරුවන කළමනාකාර අධ්‍යක්ෂවරයාට පහරදුන් දේශපාලනඥයාගේ ගෝලයින් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීම සිදුව තිබුණේ පසුගිය 30 වෙනිදාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර කටානේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක්ද සිටිති.

මෙම පිරිස පහරදී තිබුණේ වයස අවුරුදු 55ක් වන අල්ෆාන් සලී සෙයිඩ් ඔබයදානි නැමැති ඇගළුම් කම්හල් කළමනාකාර අධ්‍යක්ෂට සහ ඇගළුම් කම්හලේ ආරක්ෂක නිලධාරියෙකුටය.

මෙයට පෙර මෙම පහරදීම ගැන කටානේ පදිංචි තිදෙනෙක් බඩල්ගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. තවත් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ තවත් සැකකරුවෙක් පමණක් බව බඩල්ගම පොලීසිය සඳහන් කළේය.

මෙම පහරදීම රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් බවටද පත්ව තිබුණි. පාර්ලිමේන්තුවේදීද මේ ගැන දැඩි කථාබහක් ඇතිවිය. මේ නිසාම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් පොලිස්පතිවරයා විසින් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය. ඕමාන් ජාතිකයා සඳහන්කර තිබුණේ සාධාරණ විමර්ශනයක් සිදු නොවන්නේ නම් ඇඟළුම්කම්හල මෙරටින් ඉවත්කරගෙන යන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here