තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුවකු පැදවූ ජිප් රිය ගැටෙයි - සිසු‍වෙක් මරුට -9ක් රෝහලේ

    සිසුවකු පැදවූ ජිප් රිය ගැටෙයි – සිසු‍වෙක් මරුට -9ක් රෝහලේ

    මාතලේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් පැදවූ ජිප් රථයක් ගසක ගැටී සිදුවූ අනතුරකින් ජිප් රථයේ ගමන්කරමින් සිටි සිසුවෙක් සියගොස් සිසුන් 9 දෙනෙක් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුලත්කර තිබේ.

    මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ අලුයම 1.00ට පමණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    සිසුන් වයස අවුරුදු 19ක් වන උසස් පෙළ අධ්‍යාපනය ලබන අය බව පොලීසිය කියයි. හෝටලයක සාදයකට සහභාගිවී නැවත නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ ජිප් රථය පැදවූ සිසුවාට රථය පාලනය කිරීමට නොහැකිව බව නිහාල් තල්දූව මහතා කීය.

    පලාපත්වල තොටගමුව වත්තේ පදිංචිව සිටි දුෂ්මන්ත සිතුල් සිසුවා මෙසේ මියගොස් ඇති අතර රියදුරු ලෙස කටයුතු කළ සිසුවාද තුවාල ලබා රෝහල්ගතකර සිටී. තුවාල ලැබූ සිසුන් 09 දෙනාගේම තත්ත්වය බරපතල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    CP KK 5608 අංකය දරණ ජිප් රථය මෙම අනතුරින් දැඩි ලෙස හානි සිදුව ඇති බවත් රිියදුරු ලෙස කටයුතු කළ සිසුවා මෑතකදී රියදුරු බලපත්‍රයක් ලබාගත් අයෙක් බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img