Home උණුසුම් පුවත් හිජාබය නොපළදින කාන්තාවන් සොයන්න කැමරා සවිකරයි

හිජාබය නොපළදින කාන්තාවන් සොයන්න කැමරා සවිකරයි

හිජාබය නොපළදින කාන්තාවන් සොයන්න කැමරා සවිකරයි

ඉරාන බලධාරීන් විසින් හිස ආවරණය නොකළ කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවි කිරීම ආරම්භ කර ඇති බව එරට පොලිසිය නිවේදනය කරයි.

මෙහිදී තම හිසකෙස් ආවරණය නොකරන ලෙස දකින කාන්තාවන්ට අදාල නීති අනුගමනය නොකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව අනතුරු ඇඟවීමේ කෙටි පණිවිඩයක් ලැබෙනු ඇතැයිද පොලිසිය පවසයි.

ඒ අනුව මෙම නව ක්‍රමවේදය ඉරානය තුල මේවන විට හටගෙන ඇති “හිජාබ් නීතියට එරෙහි ප්‍රතිරෝධය” වැලැක්වීමට උපකාරී වනු ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

ඉකුත් වසරේදී හිජාබ් නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් කුර්දි ජාතික තරුණ කාන්තාවක් වන මාෂා අමිනි පොලිස් අත්අඩංගුවේ දී මිය යාමත් සමඟ පසුගිය වසරේදී ඉරාණය පුරා හිජාබ් නීතියට එරෙහිව විරෝධතා ඇති විය.

අමිනීගේ මරණයෙන් පසු, අත්අඩංගුවට ගැනීමේ අවදානම නොතකා, විශේෂයෙන්ම විශාල නගරවල තම හිස් වැස්ම පැලදීම ප්‍රතික්ෂේප කරන කාන්තාවන් සංඛ්‍යාප සීඝ්‍රෙයන් වර්ධනය විය..

රාජ්‍ය ඉස්ලාමීය ජනරජ ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොලිස් ප්‍රකාශයකින් පැවසුවේ, “හිජාබ් නීතිය උල්ලංඝනය කරන්නන් වෙත ලේඛන සහ අනතුරු ඇඟවීමේ පණිවිඩ යැවීමට හැකියාව නිර්මාණය වන අකාරයේ ස්මාට් කැමරා පද්ධතියක් යොදාගෙන ඇති බවයි.

හිජාබ් නීතියට එරෙහිව විරෝධතා පැවැත්වූ දහස් ගණනක් එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගත් අතර ඉන් සිව් දෙනෙකු හට මරණ දඬුවම හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here