Home උණුසුම් පුවත් පල්ලියේ ගැටුම බේරන්න ගිහින් ජීවිතයක් අහිමි වෙයි

පල්ලියේ ගැටුම බේරන්න ගිහින් ජීවිතයක් අහිමි වෙයි

0
පල්ලියේ ගැටුම බේරන්න ගිහින් ජීවිතයක් අහිමි වෙයි

සමන්තුරේ පිහිටි මුස්ලිම් පල්ලියක පාලක සභාව තේරීමේ රැස්වීමේදී දෙපාර්ශවයක් අතර ඇතිවුණු ගැටුමක් පාලනය කිරීමට මැදිහත් වූ පුද්ගලයෙක් මියගොස් ඇත.

සමන්තුරේ මලයාඩි ග්‍රාමයේ පදිංචිකරුවෙක් වන මීරා මොහිදින් මහරුෆ් (66) නැමැති අය මෙසේ මියගොස් ඇති බව පොලීසිය කියයි.

ගැටුම මැදපැවැත්වීමේදී කලන්තයක් සෑදී බිම වාඩිවී ඇති ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලීසිය කියයි.

පල්ලියේ පාලක සභාව තේරීමේ රැස්වීම තිබී ඇත්තේ ඊයේ ය. එහිදී දෙපාර්ශවයක් අතර ඇතිවුණු බහින්බස් වීමක් ගුටිකෙලියක් බවට පත්වූ බව සමන්තුරය පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here