තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රථම වතාවට ලොතරැයි මණ්ඩලයට රු.බිලියන 3ක ලාභයක්

    ප්‍රථම වතාවට ලොතරැයි මණ්ඩලයට රු.බිලියන 3ක ලාභයක්

    ප්‍රථම වතාවට ලොතරැයි මණ්ඩලයට රුපියල් බිලියන 3ක ලාභයක් වාර්තා කිරීමට හැකි වූ බව ජාතික ලොතරැයි මණ්ඩලය සභාපති අජිත් ගුණරත්න මහතා පවසයි.

    ජාතික ලොතරැයි මණ්ඩලය අලුත් වී ඇති බවත් ඉදිරියේ දී නව මුහුණුවරකින් DLB ලෙස නව සන්නාම නාමය යටතේ කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

    ඒ මහතා මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ ( 7) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන ලොතරැයියෙන් බිහිවූ ජයග්‍රහයකයින් සඳහා මූල්‍ය චෙක්පත් ප්‍රධාන උත්සවයකට සහභාගි වෙමිනි.

    මහනුවර ,මාතලේ ,කෑගල්ල ,කුරුණෑගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එම දිස්ත්‍රික්කවල ලොතරැයිපත් ජයග්‍රාහි දසලක්ෂපතියන් 14 දෙනෙකුට හා එම ටිකට් පත් අලෙවි කළ අලෙවි නියෝජිතයින් හට මූල්‍යමය චෙක්පත් මෙහිදී ප්‍රධාන කෙරිණි.

    ඒ හා සමගාමීව ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයන් හට ජීවිත රක්ෂණාවරණ ලබාදීම ද මෙහිදී සිදුවිය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img